රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජුනි මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් දෙසිය නවයක (209) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට අයත් යාත්‍රා යොදවා, කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජුනි මස 27 වැනි දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කල සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ උර හයක (06) පාර්සල් හැත්තෑ තුනක (73) අසුරන ලද කේරළ කංසා කිලෝ ග්‍රෑම් දෙසිය නවයක (209) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතලිස් හතකට (47) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 43 අතර වයසේ පසුවන යාපනය ගුරුනගර් සහ අනලතිව් යන ප්‍රදේශයන්හී පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරළ කංසා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.