තලෛමන්නාරමට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
තලෛමන්නාරමට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් දේශීය ජල තීරයේදී පෙරලීමෙන් ආපදාවට පත්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුනි මස 25 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, තලෛමන්නාරමට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ වැලිපර වලට ආසන්න මුහුදේ ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව ඇති බවට ලද තොරතුරකට අනූව, උතුරු මැද නාවික විධානය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත අනියුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝන කණ්ඩායමක් ක්ෂණික විශේෂ සේවීම් හා ගලවා ගැනීම් මෙහෙයුමක් සඳහා යොදවන ලදි. එහිදි, පෙරළී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර, පරීක්ෂා කරන ලද අතර, මුහුදු ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්වය හා රළු ස්වභාවය හේතුවෙන් පෙරළි තිබූ එම ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයන් සිව්දෙනෙකු (04) නාවික හමුදාව මඟින් නිරුපද්‍රීතව මෙලෙස මුදා ගැනීමට කටයුතු කෙරිණි.
මෙම සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම මඟින් මුදාගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා (04), ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ පුද්ගලයන් බවට අනාවරණය වූ අතර, එම පිරිස ගොඩබිමට රැගෙනවිත් අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව විසින් සිදුකෙරිණි.
තවද, යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ එම ඉන්දීය ධිවරයින් සිව්දෙනා (04) ඉදිරි කටයුතු සඳහා තලෛමන්නරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරුණු අතර, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ආපදාවට පත්වන නාවික හා ධිවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.