නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධි විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව, 2025 ජුනි මස 16 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ විදේශිය දුම්වැටි 3200 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනූව, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනය, කඩුගන්නාව පොලිසිය හා එක්ව මහනුවර උඩපේරාදෙනිය ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස අළෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 3200 ක පමණ තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කඩුගන්නාව පොලීස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.