නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ වෑන් රථයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, පුත්තලම තිල්ලයාඩි ප්‍රදේශයේ 2025 ජුනි මස 05 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය අසූහයක (386) පමණ තොගයක් සමඟ වෑන් රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය, පුත්තලම පොලීසිය හා එක්ව තිල්ලයාඩි ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ තිබූ සැකකටයුතු වෑන් රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම රථයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය අසූහයක (386) පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි.
තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ වෑන් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.