නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් බීඩි කොළ, කේරල ගංජා සහ අයිස් මත් ද්‍රව්‍යය සමඟ පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ ශ්‍රි ලංකා පොලීසිය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 252ක පමණ තොගයක් (තෙත බර සහිතව), අලෙවි කිරීමට සැලසුම් කර තිබූ කේරල ගංජා ග්‍රෑම් 12.75ක් සමඟ සැකකරුවෙකු (01) සහ අයිස් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 3, මිලි ග්‍රෑම් 155ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය 2025 මැයි මස 22 වැනි දින තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 252ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික තටාකංගනය, ත්‍රීකුණාමලය වරාය පොලීසිය හා එක්ව 2025 මැයි මස 24 වැනි දින ත්‍රීකුණාමලය නගරයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අළෙවි කිරීමට සූදානම් කර තිබූ කේරල ගංජා ග්‍රෑම් 12.75ක් සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනය, කඩුගන්නාව පොලීසිය හා එක්ව 2025 මැයි මස 19, 21 යන දිනයන්හීදි පිලිමතලාව සහ කඩුගන්නාව යන ප්‍රදේශයන්හී සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අළෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3, මිලි ග්‍රෑම් 155ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.
තවද, කේරල ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරල ගංජා ග්‍රෑම් 12.75ක ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3, මිලි ග්‍රෑම් 155ක ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කඩුගන්නාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.