නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 36 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව මඩකලපුව කොටුවමඩ, ත්‍රීකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි පන්න ක්‍රම සහ උපකරණ භාවිතයෙන්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිස් හයදෙනෙකු (36) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා කාශ්‍යප, විජයබා, නාවික තටාකංගනය, ගෝඨාභය සහ උත්තර යන ආයතන, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව සිදුකල මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින් තිස් හයදෙනා (36) සමඟ නීති විරෝධී දැල් එකසිය දාහතක් (117), ඩිංගි යාත්‍රා නවයක් (09), මුහුදු කූඩැල්ලන් තුන්දහස් අටසිය අටක් (3808), අධිතාක්‍ෂණික ධීවර උපකරණ, නිති විරෝධී පුපරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා උපකරණ නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ත්‍රීකුණාමලය, කෝඩ් බේ, මුලතිව්, මාමු‍නෛයි, පේදුරුතුඩුව සහ වාකරේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරුණි.