ආරුගම්බේ වෙරළ තීරයේදී සර්ෆින් ක්‍රීඩාවේ නිරතව අනතුරකට පත්ව සිටි විදේශීය සංචාරකයෙකුට ප්‍රතිකාර ලබා දීම සඳහා නාවික හමුදා සහය
පානම ආරුගම්බේ ප්‍රදේශයේ පීනට් ෆාර්ම් වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට ලක්වු විදේශීය සංචාරක කාන්තාවක් වෙත මූලික ප්‍රථමාධාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පානම රජයේ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව 2025 මැයි මස 15 වැනි දින සහය විය.
ඒ අනුව, මෙම බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාව ආරුගම්බේ, පීනට් ෆාර්ම් වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී පාදයක් ආබාධයකට ලක්ව ඇති අතර, එම වෙරළ තීරයේ ස්ථාපිත ගිණිකොන නාවික විධානයේ ජීවිත ආරක්‍ෂක කණ්ඩායමක් මඟින් මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානම රජයේ රෝහල වෙත යොමු කෙරිණි.