නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රීකුණාමලය, කෝකිලායි, චැපල් දුපත සහ බැක් බේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනි දින සිට 28 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිස්අටක් (38) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම, ශ්‍රි ලංකා නාවික නෞකා ගෝඨාභය, පැරකුම්බා, විජයබා, නාවික තඨාකාංගනය යන ආයතන ධිවර පරීක්‍ෂක කාර්යාලයන්ගේද සහය ඇතුව සිදුකල මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින් තිස්අට (38) දෙනා සමඟ නීති විරෝධී දැල් අටක් (08), ඩිංගි යාත්‍රා දොලහක් (12) සහ විදුලි ආලෝක ධාරා උපකරණ නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මුලතිව්, කින්නියා, ත්‍රීකුණාමලය සහ කෝඩ් බේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරුණි.