රුපියල් මිලියන 129 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 04ක් උතුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි (322) ග්‍රෑම් අටසිය හැටක (860) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානය වෙත ලද තොරතුරකට අනූව ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය මඟින් නාවික හමුදා යාත්‍රා යොදවා පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදි, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කල සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රා තුළ තිබූ කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි (322) ග්‍රෑම් අටසිය හැටක (860) පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසීය විසි නවයකට (129) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම මෙහයුම නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 49ත් අතර වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සිව්දෙනා (04), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.