නුවරඑලිය ග්‍රෙගරි ජලාශයේ ජෙටි ස්කි(Jetski) යාත්‍රාවක් පෙරලීමෙන් දියේ ගිලීමේ අවදානමේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව මඟින් බේරා ගනියි

නුවරඑලිය ග්‍රෙගරි වැවේ ජෙට්ස්කි (Jetski) යාත්‍රාවක ජල ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම යාත්‍රාව දියෙහි පෙරලී යාමෙන් අනතුරට පත්වූ අතර, නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර සහ සහන සැලසීමේ බළඝණය (4RU) මඟින් බේරා ගැනීමට කටයුතු කෙරිණි.

නුවරඑලිය ප්‍රදේශයේ ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම යාත්‍රාව දියෙහි පෙරලී යාමෙන් අනතුරට පත්ව ඇති බවට ලද තොරතුරකට අනුව, නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර සහ සහන සැලසීමේ බළඝණය විසින් දියේ ගිලීමේ අවදානමට පත්ව සිටි එම පුද්ගලයින් දෙදෙනා මෙලෙස බේරාගැනීමට කටයුතු කෙරිණි.