කංසා සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 අප්‍රේල් මස 23 සහ 24 දෙදින කල්පිටිය ප්‍රදේශයේ සහ අම්පාර පොලීසිය සමඟ එක්ව පදියතලාව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විකිණීමට සූදානම්කර තිබූ කේරළ කංසා ග්‍රෑම් 751 ක් සහ දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑම් 95 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය 2025 අප්‍රේල් මස 23 වැනි දින කල්පිටිය ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී විකිණීමට සූදානම්කර තිබූ කේරල ගංජා ග්‍රෑම් 751 ක් සමඟ සැකකරුවෙක් (01) සහ ගිනිකොණ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය 2025 අප්‍රේල් මස 24 වැනි දින අම්පාර පොලිසිය හා එක්ව, පදියතලාව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑම් 95 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) සහ ත්‍රීරෝද රථයක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 27ත් අතර වන තලෛයිමන්නාරම සහ පදියතලාව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරල කංසා හා දේශීය කංසා සහ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය සහ පදියතලාව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.