විදේශීය දුම්වැටි 600ක් සමඟ සැකකරුවෙකු ත්‍රීකුණාමලයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය වරාය පොලීසිය හා එක්ව 2025 අප්‍රේල් මස 22 වැනි දින ත්‍රීකුණාමලය, අනුරාධපුර හංදිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිරීමට සූදානම් කල විදේශීය දුම්වැටි හයසියක (600) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට ලද විශ්වසනීය තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික තාඨාකාංගණය ආයතනය ත්‍රීකුණාමලය වරාය පොලීසිය හා එක්ව ත්‍රීකුණාමලය, අනුරාධපුර හංදිය ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 22 වැනි දින විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකර සැකකටයුතු පුද්ගලයින් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරොධි ලෙස අනුරාධපුර හංදිය ප්‍රදේශයේ විකීනීමට සූදානම් කර තිබු විදේශීය දුම්වැටි හයසියක (600) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ නීති විරෝධි දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.