දේශීය කංසා සමඟ සැකකරුවන් 02 ක් ලුණුගම්වෙහෙරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව 2025 අප්‍රේල් මස 20 වැනි දින රාත්‍රී කාලයේ තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විකිණීමට සූදානම්කර තිබූ දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑම් 800 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) ක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනය, ලුණුගම්වෙහෙර පොලිසිය හා එක්ව, ලුණුගම්වෙහෙර, දෙවුරම්වෙහෙර ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම සැකරුවන් සන්තකයේ පාර්සල් දෙකක් (02) තුල අසුරන ලද විකිණීමට සූදානම් කල දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑම් 800 ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරුවන් දෙදෙනා (02) සහ යතුරු පැදියක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තනමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, දේශීය කංසා සහ යතුරු පැදිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.