විදේශීය දුම්වැටි 565ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ත්‍රීකුණාමලයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය වරාය පොලීසිය සහ සර්ධාපුර විශේෂකාර්ය බළකාය හා එක්ව 2025 අප්‍රේල් මස 21 වැනි දින ත්‍රීකුණාමලය නගරයේ සහ කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිරීමට සූදානම් කල විදේශීය දුම්වැටි පන්සිය හැට පහක (565) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට ලද විශ්වසනීය තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික තාඨාකාංගණය ආයතනය ත්‍රීකුණාමලය වරාය පොලීසිය හා එක්ව ත්‍රීකුණාමලය නගරයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය සර්ධාපුර විශේෂකාර්ය බළකාය හා එක්ව කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ 2025 අප්‍රේල් මස 21 වැනි දින විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකර සැකකටයුතු පුද්ගලයින් පරික්‍ෂාවට ලක් කරන ලදි. එහිදී නීති විරොධි ලෙස ත්‍රිකුණාමලය නගරයේ සහ කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ විකීනීමට සූදානම් කර තිබු විදේශීය දුම්වැටි පන්සිය හැට පහක (565) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 56ත් 63ත් අතර වන ත්‍රිකුණාමලය සහ දෙවිනුවර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සහ නීති විරෝධි දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය සහ චයිනාබේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.