ගාල්ල ධීවර වරායේ ධීවර යාත්‍රාවක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබු ධීවර යාත්‍රාවක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා දකුණු නාවික විධානයට අයත් කණ්ඩායමක සහය ලබාදීමට 2025 අප්‍රේල් මස 14 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබු ධීවර යාත්‍රාවක ගින්නක් හටගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාව මඟින් නිරික්‍ෂණය කර, දකුණු නාවික විධානයට අයත් කිමිදුම් සහ වරාය ආරක්‍ෂක අංශයට අයත් නාවික පුද්ගලයින් යොදවා, ගින්න හටගත් යාත්‍රාව අනෙක් යාත්‍රාවන්ගෙන් වෙන් කර ගින්න පැතිරීම වැලැක්වීමට කටයුතු කෙරිණි.

අනතුරුව, ප්‍රතාප නෞකාවේ ගිනි නිවිමේ පද්ධතිය ක්‍රියාත්මක කර කිමිදුම් සහ වරාය ආරක්‍ෂක අංශයේ නාවිකයින් මඟින් මහත් පරිශ්‍රමයක් යොදා යාත්‍රාවේ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කෙරිණි.