විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 මාර්තු මස 30 වැනි දින පුත්තලම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණී ආයතනය වෙත ලද තොරතුරකට අනුව, පුත්තලම පොලිස් කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන ඒකකය හා එක්ව, පුත්තලම ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම නිවසේ විකිණීමට සුදානම් කර තිබූ විදේශිය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.