දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 06 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට දකුණෙන් වූ මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ හතරක් (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් දේශීය ජල තීරයට ඇතුළු වී විදේශිය ධීවරයි විසින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, 2025 මාර්තු මස 06 වැනි දින මන්නාරමට දකුණින් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවන් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා දේශීය ජල තීරයෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, නාවික හමුදා වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, තව දුරටත් දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැදි සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කර, එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ හතර දෙනෙකු (14) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එහිදි නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදාවේ නිත්‍යාණුකූල නියෝග වෙත අනුකූලතාවය දක්වා ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දහ හතර දෙනා (14) මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.