නීතී විරෝධී ලෙස රැගෙන ආ විදේශිය දුම්වැටි 160,000ක තොගයක් සහ ඖෂධ පෙති තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස 06 වැනි දින සන්ධ්‍යාවේ කල්පිටිය ඉප්පන්තිව් වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමන ලද ඩිංගී යාත්‍රාවක තිබූ නිති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද විදේශීය දුම්වැටි එක් ලක්‍ෂ හැටදහසක (160,000) තොගයක් සහ ඖෂධ පෙති විසි දෙදහස් එකසියයක (22,100) තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන භාණ්ඩ ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව, උච්චමුණිය නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ඉප්පන්තිව් වෙරළේ අතහැර දමන ලද සැකකටයුතු ඩිංගී යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගී යාත්‍රාවේ තිබි නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන විදේශීය දුම්වැටි එක් ලක්‍ෂ හැටදහසක (160,000) තොගයක් සහ ඖෂධ පෙති විසි දෙදහස් එකසියයක (22,100) තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන යාමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම විදේශිය දුම්වැටි තොගය සහ ඖෂධ පෙති තොගය මෙලෙස ඉප්පන්තිව් වෙරළේ අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව, විදේශීය දුම්වැටි එක් ලක්‍ෂ හැටදහසක (160,000) තොගය සහ ඖෂධ පෙති විසි දෙදහස් එකසියයක (22,100) තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.