පානම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් පානම ප්‍රදේශයෙහි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 2025 මාර්තු මස 03 වැනි දින, ආරම්භ කෙරුණු ආපදා සහන මෙහෙයුමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව සහ පොලීසිය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

ඒ අනුව, අම්පාර දිස්ත්‍රීක්කයේ පානම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, මාර්ග ජලයෙන් යටවීමෙන් එම ප්‍රදේශයේ මහජනතාවගේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත. ඒ අනුව, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා ගිනිකොණ නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ යුද්ධ හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවයන් හා සහයෝගීත්වයෙන් ජනතාවගේ ප්‍රවාහන කටයුතු මෙන්ම, ආහාර පාන බෙදාදීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි.

තවද, 2025 මාර්තු මස 03 වැනි දින පුද්ගලයින් 178 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශවයන් හා එක්ව කටයුතු කෙරිණි.