විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශය හා එක්ව 2025 මාර්තු මස 03 වැනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශය හා එක්ව, කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ලෝක වෙළඳ සංකීර්ණයේ මෝටර් රථගාල ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සිටි සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක්කෙරිණි. එහිදී එම සැකකරු සන්තකයේ විකිනීමට සුදානම් කර තිබූ විදේශිය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පිටකොටුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.