කේරළ ගංජා සමඟ සැකකරුවෙකු නවදන්කුලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මදුරන්කුලිය පොලිසිය හා එක්ව 2025 ජනවාරි මස 31 වැනි දින බත්තුළුඔය නවදන්කුලම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ එකයි (01) ග්‍රෑම් පන්සීය අසු පහක (585) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය; මදුරන්කුලිය පොලිසිය හා එක්ව සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ එකයි (01) ග්‍රෑම් පන්සීය අසු පහක (585) පමණ ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් ලක්‍ෂ හයකට (06) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන කොට්ටන්තිව් පෙරියපාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මදුරන්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.