කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ බහාළුමක ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ (BQ4) තිබූ බහාළුමක ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා කොළඹ වරාය ගිණි නිවීමේ හමුදාව කටයුතු කළ අතර, ඒ සඳහා බටහිර නාවික විධානයට අයත් ගිණිනිවීමේ කණ්ඩායමක සහය ලබාදීම 2025 ජනවාරි මස 30 දින රාත්‍රියේදී නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

2025 ජනවාරි 30 දින රාත්‍රී 1945 පැයට පමණ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ (BQ IV) බහාලුමක් තුලින් දුමාරයක් පිටවීමෙන් සුළු ගින්නක් ඇති වී තිබේ.

ඒ අනුව, එම ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය සහය ලබාදීම සඳහා බටහිර නාවික විධානයට අයත් නාවික හමුදා හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මැඩපැවැත්වීම සම්බන්ධ විශේෂිත පුහුණුව ලද කණ්ඩායමක් සහ ගිණි නිවිමේ රථයක් එම ස්ථානයට නාවික හමුදාව විසින් යොමු කෙරිණි.

එහිදී කොළඹ වරාය ගිනිවිමේ හමුදාවේ සාමාජිකයන්, දුමාරය පිටවූ බහාලුම ආරක්ෂිතව විවෘත්ත කර, ගින්න පැතිරීම වැලක්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කෙරිණි.