74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් උතුරු මැද විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල රත්‍රං කිලෝ 11 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් කල්පිටිය, බත්තලන්ගුංඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2025 ජනවාරි 04) උදෑසන කල්පිටිය බත්තලන්ගුංඩුව දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ එකොලහයි (11) ග්‍රෑම් තුන්සියක (300) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකුරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව, එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍ර බළඝණයේ කණ්ඩායමක් යොදවා කල්පිටිය, බත්තලන්ගුංඩුව දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ අද (2025 ජනවාරි 04) උදෑසන සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම ඩිංගි යාත්‍රාව තුල සුක්‍ෂම ලෙස සඟවා නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සහ කල බවට සැක කෙරෙන රත්‍රං කිලෝ එකොලහයි (11) ග්‍රෑම් තුන්සීයක (300) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා ( 03) කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, රත්‍රං කිලෝ එකොලහයි (11) ග්‍රෑම් තුන්සීයක (300) පමණ තොගයක සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.