නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ විදේශිය දුම්වැටි තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව විසින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2024 දෙසැම්බර් මස 21 වැනි දින සිදුකල මුර සංචාරයකදී, මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්රෑම් දෙදහස් එකසිය විසි නවයක (2,129) පමණ තොගයක් (තෙත බර සහිත) සහ විදේශිය දුම්වැටි නවදහස් නවසිය අසූවක (9,980) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
බටහිර නාවික විධානයට අනුයුක්ත ශ්රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාව මඟින් 2024 දෙසැම්බර් මස 21 වැනි දින කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකළ මෙම මුර සංචාරයේදී, මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් හැට හතරක් (64) පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම පාර්සල් තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් දෙදහස් එකසිය විසි නවයක (2,129) ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ විදේශිය දුම්වැටි නවදහස් නවසිය අසූවක (9,980) ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය සහ දුම්වැටි තොගය පිළිබඳ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.