නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පල්ලෙමුනායි ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහ ත්‍රීකුණාමලය ඉලංගතුරෙයි මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 සහ 09 යන දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2024 දෙසැම්බර් මස 07 වැනි දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, මන්නාරම පල්ලෙමුනායි ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එකසිය හැත්තෑ හතක (177) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, 2024 දෙසැම්බර් මස 09 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින්, ත්‍රීකුණාමලය ඉලංගතුරෙයි මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 36ත් අතර වයසේ පසුවන මන්නාරම, තොඩ්ඩවේලි සහ චයිනා බේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, මන්නාරම පල්ලෙමුනායි හිදී නාවික භාරයට ගත් සැකකරුවන් තිදෙනා, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත සහ ත්‍රීකුණාමලය ඉලංගතුරෙයි මොහොත්තුවාරම් හිදී නාවික භාරයට ගත් සැකකරුවන් හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.