හක් බෙල්ලන් 881 ක් සමඟ සැකකරුවෙක් ඩෙල්ෆ්ට් දූපතේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, ඩෙල්ෆ්ට් දූපතේ තලෛයිතුරායි ප්රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් අටසිය අසූ එක් (881) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2024 දෙසැම්බර් මස 06 වැනි දින උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා වසභ ආයතනය ඩෙල්ෆ්ට් පොලීසිය හා එක්ව, ඩෙල්ෆ්ට් දූපතේ තලෛයිතුරායි ප්රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්රදේශයේ සැකකටයුතු නිවසක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම නිවසේ නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් අටසිය අසූ එකක (881) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.