නාමල් ඔය සහ බොරපොල වැවේ වාන් දොරටු, හදිසි දොරටු සහ සොරොව් අලුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහාය
අම්පාර, ඉගිණියාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාමල් ඔය වැවේ වාන් දොරටු හා හදිසි දොරටු අලුත්වැඩියාව සඳහා සහ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බොරපොල වැවෙහි සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබාදීම 2024 දෙසැම්බර් මස 01 වැනි දින සහ 04 වැනි දින සිදු කෙරිණි.
ඒ අනුව, අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් සිදු කළ ඉල්ලීමකට අනුව, ගිණිකොන නාවික විධානයේ කිමිදුම් ඒකකය මඟින් මෙලෙස කිමිදුම් සහය ලබාදීම සිදු කෙරිණි.