අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් තුල නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ගංවතුර ආපදා සහන මෙහෙයුම් සිදුකරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු ගන්වතුර ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 දෙසැම්බර් 01) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරාක්රමපුර (මාඔය), බුද්දන්ගල (වැලි ඇල) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මයිලපන්චේනි, සාෆිනගර්, මුත්තුච්චෙන්නායි (තුවක්කුව හංදිය), යන ප්‍රදේශයන්හි ඇතිවි ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් හයක් (06) ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසු ආහාර බෙදාදීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියි.
තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදා අමතර සහන කණ්ඩායම් නාවික හමුදාව තවදුරටත් සූදානමින් තබා ඇත.