කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 78 ක් (කිමි 144 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අද (2024 නොවැම්බර් 20) නාවික හමුදාව මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
අම්බලන්ගොඩ ධීවර වරායෙන් 2024 නොවැම්බර් මස 17 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Thewjan Putha’ (ලියාපදිංචි අංක IMUL-A-1043GLE) නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී පපුවේ වේදනාවක් හේතුවෙන් අසාද්‍ය තත්වයට පත්ව ඇති බවත්, එම ධීවරයා වෙත ප්‍රථිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.
එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු නාවික විධානයට අනුයුක්ත වේගප්‍රහාරක යාත්‍රාවක් යෙදවීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා වෙත මුළික ප්‍රථමාධාර ලබාදෙමින් අද (2024 නොවැම්බර් 20) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා මෙලෙස කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.