කේරළ ගංජා සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව; මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 18 වන දින මන්නාරම අලුත් පාලම ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ හතරයි (04) ග්රෑම් දෙසිය හතලිස් අටක (248) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය; මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 19 වන දින මන්නාරම අලුත් පාලම ප්රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම යතුරු පැදියේ රැගෙන යමින් තිබූ කේරළ ගංජා කිලෝ හතරයි (04) ග්රෑම් දෙසිය හතලිස් අටක (248) පමණ තොගයක්, සමඟ එම යතුරු පැදිය (01) සහ සැකකරු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ හතරයි (04) ග්රෑම් දෙසිය හතලිස් අටක (248) ප්රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් ලක්ෂ දහසයකට (16) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
<