නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1287 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද දින (2024 නොවැම්බර් 04) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට (1287) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් අද දින (2024 නොවැම්බර් 04) වන දින මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ උර හතලිහක (40) අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට (1287) අධික තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් සුරක්‍ෂිතව නාවික හමුදාව භාරයේ තබා ඇත.