අයිස් මත්ද්‍රව්‍ය, විදේශීය දුම්වැටි සහ නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 01 වන දින පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් (08), විදේශිය දුම්වැටි තුන්සිය විස්සක් (320), ගෝඩා ලීටර් හාරසිය හතලිහක් (440) සහ නීති විරෝධී ලෙස සකස් කළ ස්ප්‍රීතු හා මත්පැන් ලීටර් සියයක් (100) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය, පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 01 වන දින පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් (08), විදේශිය දුම්වැටි තුන්සිය විස්සක් (320), ගෝඩා ලීටර් හාරසිය හතලිහක් (440) සහ නීති විරෝධී ලෙස සකස් කළ ස්ප්‍රීතු හා මත්පැන් ලීටර් සියයක් (100) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ක් සහ 39 ක් වන පාලවිය සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), අයිස් මත්ද්‍රව්‍ය, විදේශිය දුම්වැටි, ගෝඩා, ස්ප්‍රීතු සහ නීති විරෝධී මත්පැන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි