රුපියල් මිලියන 06 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනය, චාවකච්චේරි මනිත්තලේයිදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා පොලිසිය හා එක්ව යාපනය, චාවකච්චේරි මනිත්තලේයි ප්රදේශයේදී 2024 ඔක්තෝබර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ පහළොවයි මිලි ග්රෑම් පනස් පහක (15.055) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය, ගවේශනාත්මක කාර්යසාධක බලකාය සහ කල්මුනෛ තුඩුව (K Point) නාවික අනුඛණ්ඩය, පූනකරි පොලිසිය හා එක්ව 2024 ඔක්තෝබර් මස 19 වන දින සවස් කාලයේ චාවකච්චේරි මනිත්තලේයි ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාකර, ඔවුන් විසින් එම ප්රදේශයේ ලඳු කැලෑ වක සඟවන ලද උරයක් (01) තුල පාර්සල් හතක (07) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ පහළොවයි මිලි ග්රෑම් පනස් පහක (15.055) පමණ තොගයක් සමඟ එම සැකකරුවන් දෙදෙනා (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම, එම කේරල ගංජා තොගය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්රාවක්ද (01) එහිදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හයකට (06) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 23 ත් අතර වයසේ පසුවන චාවකච්චේරි පූනකරි ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පූනකරි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.