අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු ත්‍රිකුණාමලය නොච්චිකුලම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා එක්ව 2024 ඔක්තෝබර් මස 18 වන දින ත්‍රිකුණාමලය, නොච්චිකුලම් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහලොවයි (15) මිලිග්‍රෑම් තුන්සීය දහයක් (310) සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, ත්‍රිකුණාමලය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා එක්ව 2024 ඔක්තෝබර් මස 18 වන දින ත්‍රිකුණාමලය, නොච්චිකුලම් ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන්ගත් සැකකටයුතු යතුරුපැදියක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර රැගෙනයමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ග්‍රෑම් පහලොවයි (15) මිලිග්‍රෑම් තුන්සීය දහයක් (310) සමඟ එම සැකකරු සහ යතුරුපැදිය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන වව්නියාව, කුමන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) යතුරු පැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නිවයාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.