නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර සහ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමෙන් පීඩාවට පත්ව ඇති මහජනතාවට සහන සැලසීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්ක තුල නාවික හමුදා සහන කණ්ඩායම් හතක් (07) අද දින (2024 ඔක්තෝබර් 15) තුළද ගංවතුර ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

ඒ අනුව, ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජා ඇල, කටුනායක, ඒකල, කඩුවෙල, නවගමුව, නාත්තන්ඩිය යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් මඟින් අද උදෑසන වන විට (2024 ඔක්තෝබර් 15) පුද්ගලයන් 1044 දෙනෙකු වෙත ඩිංගි යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, පුද්ගලයන් 2827 දෙනෙකු වෙත පිසූ හා වියළි ආහාර බෙදාහැරීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.