විදේශීය දුම්වැටි 2200 ක් සමඟ සැකකරුවෙක් කැකිරාවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 සැප්තැම්බර් මස 30 වන දින කැකිරාව බලලුවැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි දෙදහස් දෙසියක (2200) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය වෙත ලද තොරතුරකට අනුව, දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කැකිරාව බලලුවැව ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු වෙළඳසැලක් පරික්ෂාවට ලක්කෙරිණි. එහිදී එම වෙළඳසැලේ අලෙවි කිරීමට සුදානම් කර තිබූ විදේශිය දුම්වැටි දෙදහස් දෙසියක (2200) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන බලලුවැව පලාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශිය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.