නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව 2024 ජුනි මස 11 වන දින අනුරාධපුර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති නවසිය දහ අටක (918) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව, 2024 ජුනි මස 11 වන දින අනුරාධපුර ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ‍ඖෂධ වෙළඳසැලක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ‍ඖෂධ වෙළඳසැලෙහි තිබූ නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති නවසිය දහ අටක (918) තොගයක් සමඟ එක් සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.