ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ දායකත්වය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 07 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් දහ තුනක් (13) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සඳහා අනුයුක්තව ඇත.

ඒ අනුව, නාවික හමුදා සහන කණ්ඩායම් ගං වතුර හේතුවෙන් ආපදාවටපත් පුද්ගලයින් 316 දෙනෙකු ආරක්‍ෂිතව මුදා ගැනීමට කටයුතු කෙරුණු අතර, පුද්ගලයින් 4900 කට ආසන්න පිරිසකට ආරක්‍ෂිතව යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම මෙන්ම, ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයන් 19000 කට අධික පිරිසකට මේ වන විට පිසූ සහ වියළි ආහාර පාන ලබාදීමට කටයුතු කෙරිණි.

තවද, ගංවතුර බැසයන ප්‍රදේශයන්හී පානීය ජලය ලබාගන්නා ළිං පිරිසිදු කිරීම සඳහා ද නාවික හමුදා සහන කණ්ඩයාම් දායකත්වය ලබාදීම සිදුකරනු ලබයි.