අයහපත් කාලගුණික තත්වය හමුවේ ජල ගැලීමෙන් මුන්දලම ප්‍රදේශයේ පීඩාවට පත් 03 ක් නාවික හමුදාව විසින් මුදවා ගනියි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය මත ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම,පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් මුන්දලම ප්‍රදේශයේ ඇති වී ඇති සුළු ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු (03) කඩිනමින් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2024 මැයි 20) කටයුතු කෙරිණි.

පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පෙරියකඩවල වැවෙහි පිටාර ජලය මුදා හරින ඇළ මාර්ගයක අධික ජලය හේතුවෙන් මුන්දලම ප්‍රදේශයේ සුළු ජල ගැලීම් තත්වයක් ඇති වී ඇති බවත්, ඒ හේතුවෙන් මුන්දලම ප්‍රදේශයේ ආපදාවට පත්ව නිවසක සිරවී සිටින පිරිසක් මුදවා ගැනීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස වයඹ නාවික විධාන මූලස්ථානය වෙත දැනුම්දීමක් සිදු කෙරිණි.