වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මූතූර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ නෝර්වේ දූපතේ 2024 අප්‍රේල් මස 28 වන දින දිවා කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ගරා වැටුනු ගොඩනැගිල්ලක බටයක් තුළ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දෙකක් (02), විදුලි නොවන ඩෙට‍නේටර්යක් (01), සෙන්ටිමීටර් 25 ක් දිග සේවා නූලක් (01) සහ ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් (150) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය මඟින් 2024 අප්‍රේල් මස 28 වන දින දිවා කාලයේදී මූතූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ නෝර්වේ දූපතේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම දූපතේ ගරා වැටුනු ගොඩනැගිල්ලක බටයක් තුළ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දෙකක් (02), විදුලි නොවන ඩෙට‍නේටර්යක් (01), සෙන්ටිමීටර් 25 ක් දිග සේවා නූලක් (01) සහ ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් (150) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස නෝර්වේ දූපතේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු, සේවා නූල, විදුලි නොවන ඩෙට‍නේටරය සහ ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.