නීතිවිරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ වේදනා නාශක ඖෂධ පෙති 5033 ක් සමඟ සැකකරුවෙක් කල්මුණේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 අප්‍රේල් මස 04 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත්‍ නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති පන්දහස් තිස් තුනක (5033) තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය, පෙරියනීලවනෙයි පොලීසිය හා එක්ව, 2024 අප්‍රේල් මස 04 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම නිවස තුළ වලංගු බලපත්‍ නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති පන්දහස් තිස් තුනක (5033) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන කල්මුණේ, මරදමුනෙයි 6 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ වේදනා නාශක ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ ආහාර හා ඖෂධ පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.