රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 05 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම, කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ පාර්සල් දෙකක (02) අසුරන ලද කේරළ ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 960 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම යතුරු පැදිය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියනයකට (01) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන උඩුත්තුරෙයි උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) කේරළ ගංජා සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.