මත්පෙති 526 ක තොගයක් සමඟ සැකකරුවෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 ජනවාරි මස 06 වන දින රාත්‍රී කාලයේ තලෙයිමන්නාරම, අම්බාල්නගර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) පන්සිය විසි හයක (526) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අම්බාල්නගර් ප්‍රදේශයේ 2024 ජනවාරි මස 06 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම නිවසේ පිටුපස ප්‍රදේශයේ වළදමා තිබූ උරයක් තුළ මත්පෙති (Pregabalin Capsules) පන්සිය විසි හයක (526) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.