රුපියල් මිලියන 21 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් වෙත්තලකේනි කඩෙයිකාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් පනස් තුනකට (53) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය මඟින්, 2024 ජනවාරි 05 දින සවස් කාලයේ වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ පාර්සල් පහළොවක (15) අසුරන ලද කේරළ ගංජා කිලෝ පනස් තුනයි (53) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසි එකකට (21) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.