ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2024 ජනාවරි 01 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

ඒ අනුව, මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, කින්නියා මයිලපංචවේලි සහ සෝලුවඩ්ඩුවාන් යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බැවින්, එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනීම සඳහා අද දින (2024 ජනවාරි 02) ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ සහන කණ්ඩායම් මඟින් සිදුකෙරිණි.

තවද, අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර සහන කණ්ඩායම් ද නාවික හමුදාව සූදානමින් තබා ඇත.