නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක පමණ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍නොරොච්චෝලේ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 23 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් නවසිය පනස් පහක (1955) පමණ තොගයක් රැගත් ලොරි රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් 2023 දෙසැම්බර් මස 23 වන දින අළුයම් කාලයේ නොරොච්චෝලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය අසල නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ලොරි රථය තුල සූක්ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් හැටතුනක (63) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් නවසිය පනස් පහක (1955) පමණ තොගයක් සහ එම ලොරි රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ එක් දහස් නවසිය පනස් පහක (1955) පමණ තොගය සහ ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.