විදේශීය දුම්වැටි 2000 ක් සමඟ සැකකරුවෙක් කොළඹ දී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ 11 මල්වත්ත පාර ප්රදේශයේ 2023 මැයි මස 31 වන දින රාත්රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි දෙදහසක් (2000) රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ශ්රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්රියාත්මක කිරීමේ ආයතන වෙත නිරන්තර දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ කොළඹ වේල්ලවීදිය පොලීසිය එක්ව, 2023 මැයි මස 31 වන දින රාත්රියේ කොළඹ 11 මල්වත්ත පාර ප්රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි විදේශීය දුම්වැටි දෙදහසක් (2000) සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතලිස් නවයක් (49) වන මාතර ප්රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ විදේශීය දුම්වැටි දෙදහසක (2000) තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වේල්ලවීදිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.