‘රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 325ක පමණ තොගයක් දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට’ යන සිරස්තලය යටතේ 2022 අප්‍රේල් 13 වන දින නිකුත්කළ පුවත හා සබැඳේ
උක්ත පුවතට අදාල මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ වටිනාකම ඒ සම්බන්ධ පසු විමර්ශණ වලදී සංශෝධනය වී ඇති බැවින් උක්ත පුවත පහත පරිදි සංශෝදනය වේ.
රුපියල් මිලියන 6610කට අධික වටිනාකමකින් යුත් පැකට් 300 අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 330 ග්‍රෑම් 532 පමණ ප්‍රමාණයක් හා රුපියල් මිලියන 98කට අධික වටිනාකමකින් යුත් පැකට් 10 ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 818 පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාමක රුපියල් මිලියන 6708කට අධික වෙතැයි විශ්වාස කෙරේ.