නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

">

නාවික හමුදා මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 12 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06ක් නීතියේ රැහැනට

නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව වයඹ නාවික විධානය මගින් අද (2020 සැප්තැම්බර් 08) පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, 2020 සැප්තැම්බර් 07 වන දින නැගෙනහිර නාවික විධානය හා ත්‍රිකුණාමලය කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය හා එක්ව ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල සිදු කල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක් සමඟ සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගන්නා ලදි.

තවද, බටහිර නාවික විධානය මගින් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සීදුව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 15ක් සහ වෛද්‍ය නියමයක් නොමැතිව ප්‍රිගැබලින් පෙති (Pregabalin Capsules 150mg) 250ක පමණ ප්‍රමාණයක් ලඟ තබාගත් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 21ත් 42ත් අතර වයසේ පසුවන මදුරන්කුලිය, මූතුර්, එරක්කණ්ඩි, කිලිනොච්චි සහ මාරවිල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන්, කේරළ ගංජා සහ ප්‍රිගැබලින් පෙති ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුත්තලම පොලිස් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය, ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය සහ සීදුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.