නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

">

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නීති විරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි ‍මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් නිලාවේලි පරවි දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ, මඩකලපුව කොටුවමඩ කළපු ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය නෝර්වේ දූපත හා නදීතිවු දූපත ආසන්න ප්‍රදේශයේ සහ සාම්පූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේත්, උතුරු නාවික විධානය මගින් තාලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, උතුරු මැද නාවික විධානය මගින් තලෛයිමන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේත් සිදු කල මෙම විශේෂ මෙහෙයුම් මගින් වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ යෙදුණු, නීති විරෝධී ධීවර දැල් භාවිතා කල සහ නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මසුන් අල්ලන ලද ත්‍රිකුණාමලය, එරක්කන්ඩි, කින්නියා, වෙල්ලෙයි මනාල්, මූතූර්, මන්නාරම සහ ඉරුක්කුලම්පිඩිඩි යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 31 දෙනෙකු, ඩිංගි යාත්‍රා 09 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය හා මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත සහ නිලාවේලි, මූතූර්, කුච්චවේලි, මන්නාරම හා පේදුරු තුඩුව ධීවර පරීක්‍ෂකවරුන් වෙතත් භාරදීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.